AFC Banner
Empty Ad
Empty Ad

උද්ඝෝෂණ රැල්ල නිසා පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය ඇන හිටියි

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක “පැන්ඩෝරා පත්‍රිකා” පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසනවා.

“පැන්ඩෝරා පත්‍රිකා” හෙළිදරව්ව ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් සිදු කරනු ලැබුවා.

හිටපු රාජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිතා කරමින් ලොව පුරා සිය ධනය සැඟවමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 18 වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ගිය වසරේදී අනාවරණය කළේ.

“පැන්ඩෝරා පත්‍රිකා” හි රහසිගත ලිපිගොනු අනාවරණය කළේ 2011 වසරේ දී යුවළගේ වත්කම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් වන බවයි.

මේ කාරණාව සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විමර්ශනයක් ආරම්භ කළ අතර මේ වන විට එම විමර්ශන ඇනහිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?