සැත්කමට අවශ්‍ය ඖෂධ නැතැයි කියා රෝගීයාව ආපසු හරවා යැවු රෝහල

හර්නියා රෝගයෙන් දැඩි ලෙස වේදනාවට පත්වී සිටි තමාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගහහේන ප්‍රාදේශීය රෝහලෙන් නාගොඩ මහා රෝහලට යැව්වත් ,නිර්වින්දන ඖෂධ සහ ශල්‍යකර්මයේදී භාවිතා කරන ඖෂධ නොමැති බව පවසා නැවත එම ගිලන් රථයෙන්ම හරවා එවූ බව කටුගහහේන රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගියෙක් පවසයි.

වැලිපැන්න,රාමීය,විල්මට් ඒ.පෙරේරා ගම පදිංචි අනගිපුර සුමනපාල නමැති 52 හැවිරිදි අය අවශ්‍ය ඖෂධ නොමැතිව මෙසේ නාගොඩ රෝහලෙන් හරවා ඒවා ඇත.

ඒ පිළිබඳව අනගිපුර සුමනපාල මහතා මෙසේ පැවසීය.

මම රැකියාවට කුලීයට අත් වැඩ දෙනවා. මාසයක විතර පටන් මට හර්නියා අසනිපයතිබුනා.සැරෙන් සැරේ පොඩි පොඩි වේදනාවක් ආවා. අද (21දා) උදේ වැඩට යන්න ලැස්ති වෙනකොට ඉවසන්න බැරි වේදනාවක් ආවා. පසුව මගේ බිරිඳ ත්‍රී රෝද රථයකින් මාව කටුගහහේන රෝහලට ගෙනාවා. එහිදී දොස්තර නෝනා කෙනෙක් මාව පරීක්ෂා කර වේදනාවට බෙහෙත් වගයක් දුන්නා. ඊට පසුව හර්නියා ප්‍රතිකාර සඳහා මාව එම රෝහලේ ගිලන්රථයෙන් නාගොඩ මහා රෝහලට යැව්වා.

නාගොඩ රෝහලේදී මාව දොස්තර නෝනා කෙනෙක් පරීක්ෂා කළා. ඊට පසුව විශේෂඥ ශල්‍යවෛද්‍යවරයාට මාව පෙන්නුවා. ඒ දොස්තර මහත්තයා මාව පරීක්ෂා කර හර්නියා ශල්‍යකර්මයක් කල යුතු බව පැවසුවා. නමුත් මේ දිනවල නිර්වින්දන බෙහෙත් සහ ශල්‍යකර්මයේදී අවශ්‍ය වන බෙහෙත් නොමැති නිසා දැන්ම ඔපරේෂන් කරන්න බැරි බවත් ලබන මාසේ අන්තිම බදාදා දින දවල් ශල්‍ය සායනයට පැමිණ ශල්‍යකර්මය සඳහා දිනයක් ලබාගන්න ලෙසත් පැවසුවා.මට කිසිම බෙහෙතක් නාගොඩ රෝහලෙන් දුන්නේ නැහැ. නැවත මාව රැගෙන ගිය ගිලන්රථයෙන්ම කටුගහහේන රෝහලට එව්වා.

මගේ වේදනාව තවමත් තිබෙනවා. කටුගහහේන රෝහලෙන් දුන්න බෙහෙත් වලින් වේදනාව තරමක් දුරට අඩුවුනත් ඒ බෙහෙත්වල බලපෑම අඩුවුනාම මට නැවතත් එම වේදනාව විඳින්න සිදුවෙනවා. ඒත් මම කොහොමද ලබන මාසේ අන්තිම වෙනකම් මේ වේදනාව ඉවසගෙන ඉන්නේ.

ස්ථීර ආදායමක් නැති අපි මොනවා කරන්නද. ලබන මාසෙත් බෙහෙත් නැති වුනොත් කවදා ඔපරේෂන් එක කරන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. සමහර විට බෙහෙත් එනකොට මාව මේ වේදනාව ඉවසගෙන ඉන්න බැරිව මැරිලා තියෙයි.

අනගිපුර සුමනපාල මහතාගේ බිරිඳ වන ඩබ්ලිව්.රේණුකා දමයන්ති (50) මහත්මිය මෙසේ පැවසීය.

මේ රෝගී වී සිටින්නේ මගේ සැමියායි.අපි විවාහවෙලා අවුරුදු 30ක් වෙනවා.අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. සැමියා කුලී වැඩ කරලා ගන්න පඩිය ජීවත්වෙන්න මදි නිසා මමත් කුලියට රබර්කිරි කපනවා.මේ දවස්වල වහින නිසා කිරි කපන්න බැහැ.

මගේ සැමියා අද (21දා) උදේ වැඩට යන්න සුදානම් වෙන විට අධික ලෙස හර්නියා අමාරුව වැඩිවුනා. පසුව මම ඔහුව කටුගහහේන රෝහලට ගෙනාවා. එහිදී බෙහෙත් වගයක් වේදනාවට දීලා නාගොඩ මහා රෝහලට යැව්වා. මම නැවත ගෙදර ආවා සැමියාට දවල්ට කෑම හදාගෙන නාගොඩ යන්න. පැය දෙකකට විතර පස්සේ කටුගහහේන රෝහලෙන් කතාකර කිව්වා සැමියාව නැවත කටුගහහේන රෝහලට ගෙනා බව පැවසුවා.

මම සැමියාව බලන්න නැවත කටුගහහේන රෝහලට පැමිණි විට සැමියා කිව්වා බෙහෙත් නැති නිසා ඔපරේෂන් කරන්න බැරිව නැවත එව්වා කියලා. අපිට සල්ලි තිබුනානම් මේ වේදනාව විඳ විඳ ඉන්නේ නැතිව පුද්ගලික රෝහලකින් මේ ශල්‍යකර්මය කරගන්න තිබුනා. රජයේ රෝහල් වල බෙහෙත් නැතිවුනාම දුප්පත් අපි අසරණ වෙනවා. මේවා පිළිබඳව බලධාරීන් ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

(මතුගම බන්දු තඹවිට / උපුටා ගැනීම අද වෙබ් අඩවියෙන්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27