හිටපු ජනපති කළ වැරැද්ද ගැන කාදිනල් හිමිපාණන් කතා කරයි

සාහරාන් අත් අඩංගුවට නොගැනීම තුලින් හිටපු ජනපති තම ක්‍රියාමාර්ග අත පසු කරවා ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් අදහස දක්වා සිටියා.

එහා මෙහා යන නයි රෙද්ද අස්සේ ද ගන්න එපා යයි කියමින් සහාරාන් ඇතුළු කණ්ඩායම අත් අඩංගුවයට ගැනීමට ක්‍රියා නොකිරීම කතෝලික ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වන කාරණයක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ.

එසේම මේ කරුණු ගැන නෑසුණු කන් ඇතිව සිටීම කතෝලික ජනතාව හෙලා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
වැඩිදුරටත් සඳහන් කළා.

මේ විනාශය පසුපස සිටියේ කවුද ? නිරන්තරයෙන් අප අසන පැනය එයමයි. එසේම මේ අපරාධයට සම්බන්ධ වූ සියලුම දෙනාට වැඩිකල් නොගොස් දඩුවම් ලැබෙන බවද අපගේ විශ්වාශයයි, උන්වහන්සේ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?