ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලුවලට සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව ලෝක බැංකුව නිවේදනය කර සිටිනවා. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන බවයි ලෝක බැංකුව සඳහන් කර සිටින්නේ.

ලෝක බැංකුවේ දකුණු ආසියා නියෝජ්‍ය ප්‍රධානී හාර්ට්විග් ශාෆර් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්රි, සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග අදාළ කරුණු ඊයේ සාකච්ඡා කළ බවයි.

ආර්ථික අර්බුදයෙන් මිදීමට කළ යුතු දේ, ආර්ථිකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට ගෙන ඒමට සහ අවදානයට ලක්ව ඇති පිරිස් ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර සිටියි.

එසේම අත්‍යවශ්‍ය ඖෂධ, සෞඛ්‍ය උපකරණ, පෝෂ්‍යදායී සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ඔහු දන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?