ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලුවලට සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව ලෝක බැංකුව නිවේදනය කර සිටිනවා. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන බවයි ලෝක බැංකුව සඳහන් කර සිටින්නේ.

ලෝක බැංකුවේ දකුණු ආසියා නියෝජ්‍ය ප්‍රධානී හාර්ට්විග් ශාෆර් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්රි, සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග අදාළ කරුණු ඊයේ සාකච්ඡා කළ බවයි.

ආර්ථික අර්බුදයෙන් මිදීමට කළ යුතු දේ, ආර්ථිකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට ගෙන ඒමට සහ අවදානයට ලක්ව ඇති පිරිස් ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර සිටියි.

එසේම අත්‍යවශ්‍ය ඖෂධ, සෞඛ්‍ය උපකරණ, පෝෂ්‍යදායී සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ඔහු දන්වා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08