රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්ට මන්ත්‍රී දයාසිරි ගෙන් අමතක නොවන පාඩමක්

අද වනවිට ජාත්‍යන්තරය පවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන වූ කණ්ඩායම රජයේ දිගින් දිගටම ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවයි.

කෙසේවෙතත් එම යෝජනාවට රජය ප්‍රතිචාර දැක්වූයේ, අටවා ගත් ඇමති මණ්ඩලයක් තුළින් එල්ලෙන ආණ්ඩුවක් පිහිටුවාගැනීම හරහා බවයි.

ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ම ඇමති කටු විසි කරමින්, තනතුරු, තාන්න මාන්න, වරප්‍රසාද දෙමින් තමන්ගේ ඉල්ලීමට පිටුපෑ බව ඔහු සඳහන් කළා.

මෙහිදී ඊයේ (19) නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් සුරේන් රාඝවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, සිය අභිලාසයන්ට පිටුපා ගිය ඔහුට තවදුරටත් දේශප්‍රේමය පිළිබඳ කතා කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, ඔහු පාර්ලිමේන්තුවේ අද සිදු කළ කතාව ඔහුගේ පුතා ඉදිරියේ කළා නම්, ඔහු පවා සුරේන් රාඝවන්ගේ කණට ගසනු ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු පළමු ක්‍රියාවලිය වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කෙරුණු වැරදි නිවැරදි කරගැනීම බවයි.

මේ ආකාරයට සාධනීය පියවර ගතහොත් පමණක් මේ වනවිට වීථි බැස ඇති මේ රටේ තරුණ ජනතාව සහ සමස්ත ප්‍රජාව තුළ රජය සහ ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනගා ගත හැකි බවයි.

  1. දයාසිරි 😂😂.
    මොන රෝහිත වගේ එකෙත් එහෙම කිවුවත් අවුලක් නැ දුකක් නැ. ඌ සාක්කිලිය උනාට පැන පැන ඉඳලා නැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08