AFC Banner
Empty Ad
Empty Ad

ගමන් බිමන් යන වාහන දෙකට ඩොලර් 8000 ක්..? – ඩොලර් අහේනිය මැද IMF ගිය ලොක්කෝ එහෙත් පිස්සු නටනවාද..?

අපේ රට ආර්ථිකමය වශයෙන් වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා IMF පිහිට පතා මුදල් ඇමතිවරයා සහ තවත් පිරිසක් ගොස් තිබෙනවා.
අපේ රටේ ඩොලර් හිඟයක් ඇති මොහොතක පවා ඔවුන් ක්‍රියාකරන ආකාරය ගැන නන්දන අබේසිංහ යන පුද්ගලයෙකු විසින් මෙලෙස සටහනක් තබා තිබෙනවා.

රටේ මෙතරම් US$ අහෙනියක සිටින මොහොතක.IMF රැස්විමට පැමිණි සිටින්නන් 8 දෙනෙකුට අප්‍රේල්‍ 17 සිට 23 වෙනිදා දක්වා ගමන් බිමන් සඳහා Suburban 2 ක් කුලියට ගැනීමෙන් අප රටට දළ වශයෙන් $8000 මුදලක් අහිමි වෙනු ඇත. (සාමාන්‍යයෙන් මේ රථයක පැයක මිල ඇමරිකානු ඩොලර් අසූවක්ම පමණ වනු ඇත)

දැනට අප ශ්‍රි ලංකා තනාතිපති කර්ය්‍යලය සතු වාහන සංචිතය අතර 2022 Mercedes S550 රථයක්ද 2021 Suburban රථයක් සහ Toyota Sienna වෑන්රථ දෙකක්ම ඇත) ඇස් පනා පිට මුන් මෙ කෙලින්නේ සුදුවක් නොවද?

ජනතාවගේ බදු මුදලෙන් නඩත්තුවන සුවිසල් තානාපති නිල නිවාසයක් පිහිටා ඇති අතර එම මන්දිරය මොවුන්ගේ නැවතීමේ පහසුකම් සඳහා අතිශයින්ම ප්‍රමාණවත් ය. හිටපු අගමැතිනි සිරිමාවෝ මැතිනියත් පැමිනිවිට නතර වී සිටි කාමරය ඇතුළුව (Mrs B Room) විශාල කාමර ගණනාවක් මෙම මන්දිරයේ ඇත. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යම් යම් අවස්ථාවලදී එහි නතරව සිට ඇත.

රජයේ තනාතිපති නිල නිවාසයහි මීට අමතරව අරක්කැමියන් සහ සේවකයන් ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් සේවය කරයි, යම් කිසි කැප විමක් තිබේ නම් අධික හොටල් වියදමද මගහරවා මෙහි නවාතැන් ගැනීමෙන් තවත් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ගැනිමට ඉඩකඩ තිබුණි. කවදද මුන් පාඩමක් ඉගෙන ගන්නේ???

278467758 516787923186125 3068016968894662829 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?