මාව ආපහු දේශපාලන රැස්වීම් වල දකින්න ලැබෙන්නේ නැහැ – කොටුවේ පොඩි හාමුදුරුවන් කියූ කතාව

ප්‍රවීන ධර්ම කථික කොටුවේ පොඩි හාමුදුරුවන් කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට අමතක නොවන භික්ෂුන් වහන්සේ නමක්. ප්‍රවීන ධර්ම දේශකවරයෙක් ලෙස ප්‍රසිද්ධ උන්වහන්සේ ලැබුවාවූ සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින් වීඩියෝවක් පළකර තිබුණා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ තමන් දේශපාලනය සිදුකලේ අවුරුදු දෙකක් පමණක් බවයි. එමෙන්ම දේශපාලනය සිදුකලේ කිසියම් පිරිසකගේ ඉල්ලීමක් මත බවත් තමන් නැවත දේශපාලනයේ නොයෙදෙන බවයි. තමන් දේශපාලනය කිරීමෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලැබූ බවත්, ගම වෙනුවෙන් අවශ්‍ය මාර්ග සකස් කර ගැනීමට එම කාලයේදී තමන්ට හැකි වූ බවයි උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ.

මේ වන විට අරගලයේ යෙදී සිටින තරුණ පිරිසගේ ඉල්ලීම් වලින් සියයට 95ක්ම නිවැරදි බව පැවසූ උන්වහන්සේ රට කරගෙන යාමට නිවැරදි නායකයින් පත් විය යුතු බවද කියා සිටියා.

ඉන්ධන නොමතිකම, විදුලි කප්පාදුව නිසා රටේ ජනතාව දැඩි සේ පිඩාවට පත්වන බව පැවසූ උන්වහන්සේ ජනතාවට මෙම අලුත් අවුරුද්දේ එම දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ලෙස තමන් ප්‍රර්ථනා කරන බවද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?