AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ජොනී ගේ බීමත් ආරක්ෂක නිලධාරියා පැදවූ රියේ ගැටී වාහන 09ක් අනතුරට ලක් වෙයි (PHOTOS)

නිට්ටඹුව – ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය, පොහොන්නරුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදි ඇතුළු වාහන නවයකට දැඩි අලාභානි සිදු වි ඇති බව මිරිගම පොලිසිය පවසනවා.

මහාමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බව කියන අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මාර්ගය නවතා තිබූ වාහන ගැටෙමින් ධාවනය වීම නිසා මෙම රිය අනතුරු සිදු වී ඇති බව පොලීසිය පැවසුවේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ආරක්ෂක අංශයේ දැනට සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙම කැබ් රථයේ පදවා ඇති බවත් කැබ් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියේ.

රථය පැදවූ පොලිස් කොස්තාපල් වරයාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බව පොලිස් විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයක්, යතුරුපැදි දෙකක්, ත්‍රීරෝද රථයක් ඇතුළු මෝටර් රථ කිහිපයකට අලාභානි සිදු වී ඇත.

මහා මාර්ගයේ තිබූ මාර්ග සංඥා වලට ද අලාභානි සිදුවී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ඇප මත නිදහස් කොට යවා තිබෙනවා.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?