ආර්ථිකය ගැන සිතා පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ලේඛණ සීමා කරයි

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන එහි නිලධාරීන්ට උපදෙස්දී ලබාදී ඇති බව වාර්තා වනවා.

මේ අනුව පාර්ලිමේන්තුවේ දිනකට පිළියෙළ කරන ආහාර වර්ග ප්‍රමාණ දැනටමත් අඩු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටින්නේ.

මේ අතර ලිපි ද්‍රව්‍ය පාවිච්චියද සැලකියුතු ලෙස සීමා කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම පණිවිඩ යැවීමේදී ලිපි ද්‍රව්‍ය වෙනුවට හැකිතාක් ඊමේල් වැනි ක්‍රම භාවිතා කරන්නැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ට මාසිකව සැපයෙන ලිපි ද්‍රව්‍ය ප්‍රමාණයද අඩු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත. තවද අමාත්‍යාංශවල කාර්ය සාධන වාර්තා අවශ්‍යම අංශ වලට පමණක් පොත් වශයෙන් ලබාදී අනෙක් ඒවා සීඩී තැටි මගින් පමණක් ලබාදීමටද කතානායකවරයා දැනුම්දී ඇත.

සේවක සේවිකාවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහාද විශාල මුදලක් වැය කෙරෙන බව පෙනී ගොස් ඇති හෙයින් ඒ මුදල අවම කර ගැනීම සම්බන්ධයෙන්ද පියවරක් ගැනීමට අවධානය යොමුවී ඇතැයි පවසන පාර්ලිමේන්තු ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතව ඇතැයිද ප්‍රකාශ කර සිටියි.

පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා සඳහා ලංගම බස් වෙනුවට පාර්ලිමේන්තුවේ බස්රථ පමණක් යොදා ගන්නැයි ඉදිරිපත්වී ඇති යෝජනාවක්ද මෙහිදී සලකා බැලීමට නියමිතය. පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ගැනෙන ලංගම බස් රථ සංඛ්‍යාව 10ක්.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ශ්‍රී ලංගම මාර්ගස්ථ ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් 2019 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් තුන් කෝටියකට (27,863,257.50) ආසන්නය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා එම වර්ෂයේදී නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 766 කි.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ 2019 කාර්ය සාධන වාර්තා වේන්ය.

( උපුටා ගැනීම : ලංකාදීප)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29
Video thumbnail
ක්‍රිකට් ඉත්තෑවන් හැමෝටම නි.ඇමතිගෙන් සුබ ආරංචියක්..අපිට ඕනි නෑ ක්‍රිකට් තහනම් කරගෙන ක්‍රිකට් හදන්න
04:57
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50