අරගලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගෙන් සුබ පැතුම්

ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ඉකුත් සෙනසුරාදා ආරම්භ වූ ජනතා විරෝධයට මේ වන විට පැය 54ක් ගතවී තිබෙනවා.

මේ වන විටත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිය විරෝධතාවයේ යෙදී සිටින්නේ තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව පවසමින්.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ සුපිරි දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම අරගලය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

No description available.
No description available.