AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් නොසිතු ලෙස ඉහළට

වෙළෙඳුන් පරිප්පු, හාල්මැස්සෝ, පොල්තෙල්, කිරිපිටි, කුකුළුමස්, බිත්තර, කෑලි මිරිස්, මිරිස් කුඩු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සියයට දෙසීයකින් ඉහළ දමා පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු ළංවනවිට තිබූ හාල් කිලෝවක මිල මේ වසරේ සිංහල අලුත් අවුරුදු ළංවන විට රුපියල් 200ත් 250ත් අතර වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රුපියල් 140ක්ව තිබූ පරිප්පු කිලෝවක මිල රුපියල් 550 දක්වා ද රුපියල් 450ක්ව පැවති හාල්මැස්සන් කිලෝව රුපියල් 900 දක්වාද, රුපියල් 300ට තිබූ පොල්තෙල් බෝතලය රුපියල් 900 දක්වාද, රුපියල් 380ට තිබූ කුකුළුමස් කිලෝව රුපියල් 1000ක් දක්වා ද, රුපියල් 600ට තිබූ කෑලි මිරිස්, තුනපහ කිලෝව රුපියල් 1200 දක්වාද, රුපියල් 120ට තිබූ සීනි කිලෝව රුපියල් 200 දක්වාද, රුපියල් 340ක්ව තිබූ කිරිපිටි ග‍්‍රෑම් 400 රුපියල් 790 දක්වාද, රුපියල් 14ට තිබූ බිත්තරය රුපියල් 32 දක්වාද ඉහළ නංවා ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?