AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක හිඟයක් – රෝගීන්ගේ ජිවිත වලට වග කියන්නේ කවුද ?

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම ඖෂධ හිඟයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල විවිධ ප්‍රදේශවලදී විරෝධතාවලට එක්වුණා.

මතුව ඇති ඩොලර් අර්බුදයත් සමඟ ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට පසුගිය කාලය පුරා නොහැකිවීම හේතුවෙන් රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ අනුව ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලට නිසි ලෙස ලබාදෙන ලෙස බලකරමින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රෝහල් අසලදී විරෝධතාවල නිරත වුණා. ඇතැම් රජයේ රෝහල්වල සිදුකරනු ලබන ශල්‍යකර්ම ද සීමා කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතර, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

රට තුළ මතුව ඇති ඖෂධ අර්බුදය හමුවේ අත්‍යවශ්‍යම ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

මේ අතර ඖෂධ හිඟය නිසා සිදුවූ පුද්ගල මරණයක් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුල සටහනක් හුවමාරු වෙමින් පවතිනවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?