අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක හිඟයක් – රෝගීන්ගේ ජිවිත වලට වග කියන්නේ කවුද ?

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම ඖෂධ හිඟයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල විවිධ ප්‍රදේශවලදී විරෝධතාවලට එක්වුණා.

මතුව ඇති ඩොලර් අර්බුදයත් සමඟ ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට පසුගිය කාලය පුරා නොහැකිවීම හේතුවෙන් රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ අනුව ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලට නිසි ලෙස ලබාදෙන ලෙස බලකරමින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රෝහල් අසලදී විරෝධතාවල නිරත වුණා. ඇතැම් රජයේ රෝහල්වල සිදුකරනු ලබන ශල්‍යකර්ම ද සීමා කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතර, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

රට තුළ මතුව ඇති ඖෂධ අර්බුදය හමුවේ අත්‍යවශ්‍යම ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

මේ අතර ඖෂධ හිඟය නිසා සිදුවූ පුද්ගල මරණයක් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුල සටහනක් හුවමාරු වෙමින් පවතිනවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27