රාජ්‍ය සේවකයින්ට වැටුප් සහ උත්සව අත්තිකාරම් පියවන්න මුදල් නිදහස් කරයි

ඊයේ දිනය වන විට රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 123 ක් නිදහස් කර ඇති බවත්, වැටුප් පමණක් නොව උත්සව අත්තිකාරම් ගෙවීමට ද එහි දී පියවර ගත් බවත් හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

අද දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියා. එසේම අද දිනයේ දී වැටුප් ගෙවීම සඳහා තවත් රු. බිලියන 13 ක් නිදහස් කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේ.

” ඊයේ වෙනකොට කතාවක් තිබුණා අපි පඩිය ගෙවන්නේ නැහැ කියලා.

ඊයේ වෙනකොට බිලියන 123 ක් ගෙවලා, පඩිය විතරක් නෙමෙයි, festival advance එකත් ගෙවලයි කියන එක අපි කියන්නට ඕනේ මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා. අද වෙනකොට තවත් බිලියන 13 ක් අපි නිදහස් කරනවා.

ඒ අනුව අප්‍රේල් මාසයට තියෙන සියලුම ගෙවීම් උත්සව අත්තිකාරම් එක්කත් ගෙවලා, මේ රටේ ජනතාව වෙත පනවලා තිබුණු කුතුහලය නැති කර ගැනීම සඳහා මේ ආර්ථික බාධා මැද්දේ මේ අන්තර්කාලීන කාලය තුළත් කර ගැනීමට හැකිවෙලා තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?