අප්‍රේල් 20 වෙනිදාට පසුව රටේ ඉන්ධන නැති වෙයි ද ?

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඉන්ධන ගැටලුව අප්‍රේල් 20 වෙනිදායින් පසුව ත්‍රිව වනු ඇති බවට අනාවැකි පළවනවා. එයට මුලික හේතුව වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය ගැටළුවයි.

දැනට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන වලින් ඩිසල් ඇතුළු ඉන්ධන සපයා ගනු ලබන්නේ අසල්වැසි ඉන්දියාවෙන් ලබා ගන්නා ණය පහසුකමක් යටතේයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සපයනු ලැබුවේ ඉකුත් මාසයේදීයි.

මේ වන විට එම ණය පහසුකමෙන් ශ්‍රී ලංකාව සීයයට 60ක ප්‍රමාණයක් භාවිතයට ගෙන අවසන් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එළඹෙන අප්‍රේල් 20 වෙනිදායින් පසුව ඉන්ධන සපයා ගැනීමේ දී විදේශ විනිමය සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.

මේ දක්වා ඉන්දීය ණය පහසුකම් යටතේ ලබා ගනු ලැබූ ඩිසල් තොග වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ මෙරට විදුලි ඉල්ලුම සැපයීම සඳහා වන තාප බලාගාර ක්‍රියාත්මක කිරීමටයි.

මේ අතර අද දිනයේදී ද ඉන්ධන නොමැතිකම නිසා දිවයිනේ බොහෝ පළාත්වල ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම් දක්නට ලැබූ බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32