spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ ග්‍රහ මාරුව ඔබට කෙසේ බලපායිද..?

2022 අපේ‍්‍රල් 13 වැනි බුධ දින සවස 3.50ට ගුරු තම ස්වක්ෂේත‍්‍ර වූ මීන රාශියට සංක‍්‍රමණය වෙයි. මෙම මීන රාශිය උභය රාශියකි. ආපෝ ගුණයෙන් යුක්තයි. ගුරු ග‍්‍රහයා සුරගුරු ලෙස ද හැඳින්වෙයි. මොහු තම නිවහනට පැමිණීම මහත් පී‍්‍රති ජනකය. විශ්ව කේන්දරයේ ගුරුට හිමි එක් ස්ථානයක් වන්නේ මීනයත් අනිත් රාශිය ධනුත්ය. මෙම ගුරු පුරා අවුරුද්දක් තම රාශියේ වක‍්‍ර නිවෘත වෙමින් සිටියි.

මේෂ –

මේෂ ලග්න හිමි ඔබට, ඔබේ නාඩි කේන්දරයට මෙම ගුරු කෙසේ බලපාවි ද? මේෂ ලග්නයෙන් 12 වැන්න මීන රාශියයි. තවද මේෂ ලග්න හිමි ඔබේ කේන්දරයේ 9 වැන්න එනම් ප‍්‍රණ්‍යස්ථානය අයත් වන්නේද ගුරු ග‍්‍රහයාටය. තවද ඔබේ කේන්දරයේ ගුරුගේ මහ දශාව අතුරු දශාවක්, විදශාවක්, ඒරාෂ්ටකයක් යන කාලයක් නම් නියමාකාරයෙන් මෙම ගුරුගෙන් ප‍්‍රතිඵල නෙළාගත නොහැකි බවත් එසේ නොවන අවස්ථාවකදී නියම ප‍්‍රතිඵල ගුරුගෙන් ලබාගැනීමටත් හැකියාව ඔබට පවතී.

නාඩි ජ්‍යොතිෂයට අනුව ඔබ අනාගත ලාභ බලාපොරොත්තුවෙන් යමකට අත ගසයි ද, අනිවාර්යයෙන්ම එය පටන් ගන්න. ඔබ එම වැඬේ පටන්ගෙන ටික කලක් යනවිට එහි ලාභ ප‍්‍රතිඵල ලැබෙන බව කිව යුතුයි. තම දූ දරුවන් වෙනුවෙන් ඔබට මුදල් වියදම් කිරීමට සිදුවන කාලයකි. මෙම මුදල්වල ප‍්‍රතිඵල යම් දවසක ඔබට සතුටක් ගෙනදෙන බව නොරහසකි. 9 වන භාවයත් ගුරුට අයත් නිසා ඔබ පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද මුදල් හදල් වියදම් කරයි. ඔබට මේ කාලයේ අධ්‍යාත්මික සුවය ද ලැබේ. ආගමික භක්තිය වැඩි වෙයි. පුළුවන්තරම් ආගමික පැත්තට ම නැඹුරු වන්න. එසේ නොවුණොත් ශරීර අසනීප ද ධන හානි ද ඇතිවිය හැක. රැුකී රක්‍ෂා කටයුතු පරිස්සම් කර ගැනීමටත් උසස් වීමේ කාලය අඩු බැවින් ඒ සඳහා මහන්සි නොවීමටත් හිතා ගන්න. පවුලේ අයගෙන් වෙන් වීමක් හෝ රැකියා කටයුතු සඳහා වෙන්වීමක් පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල ද වෙනසක් දැක්විය හැක. මේ කාලයේ නොපෙනෙන දේ තුළින් පිහිටක් ලබාගැනීමටත් එයින් ප‍්‍රයෝජන ලබාගැනීමටත් සුදුසු කාලයකි. පුළුවන් තරම් ආගමික කටයුතුවල යෙදෙන්න.

වෘෂභ –

වෘෂභ ලග්න හිමි ඔබට නාඩි ජ්‍යොතිෂයෙන් ගුරු මාරුවීම් පිළිබඳව විස්තර, රාශි චක‍්‍රයේ 2වන රාශියවන වෘෂභයට අපේ‍්‍රල් මස සිදුවන ග‍්‍රහ මාරුව ගුරුගේ මෙම ගෝචරය සිදුවන්නේ ඔබේ කේන්දරයේ 11වන රාශියටයි. 11 වැන්න අය ස්ථානයයි. මෙම ගුරු මාරුවත් සමග ම 11 වැන්නට ගුරු පැමිණෙන්නේ තම ස්වක්ෂේත‍්‍ර බලය ද ඇතුවය. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි ඔබට වාසනාව උදාකරවන බවත් ආදායම් මාර්ගය සුබදායක වන බවත් අලූත් ව්‍යාපාර පටන් ගැනීමටත්, හවුල් ව්‍යාපාර පටන් ගැනීමටත් අලූත් රැුකී රක්‍ෂා තරකර ගැනීමටත්, රැුකියා කටයුතු බලාපොරොත්තුවන අයගේ එම සිහිනය සැබෑකර ගැනීමටත්, ස්ථාන මාරුවීම් ඉල්ලීමටත් ඉතාම ශුභයි. එමෙන්ම විදේශ ගතව සිටින අයට තම මවුබිමට පැමිණීමටත් ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල සිටින අයට තම නිවසට පැමිණීමටත් වාසනාව උදාවෙයි.

එමෙන්ම මිත‍්‍ර ආශ‍්‍රය, වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලබාගැනීමටත්, මෙය හොඳම අවස්ථාවකි. ඇත්තෙන්ම මේ ඔබට තම වාසනාව උරගා බැලීමට හොඳම අවස්ථාව බව කිව යුතුයි. ඔබේ කේන්දරයේ බලන්න දැනට ගුරු මහ දශාව පවතී ද ගුරුගේ අතුරු දශාව හෝ විදශාව පවතියි ද කියා. එසේනම් මෙම ගුරු මාරුව ඉහත කී ආකාරයෙන්ම සිදුවන බවත් ඔබේ කේන්දරයේ ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශක අධිපති වී නම් ඉහත කී තොරතුරු අඩුවැඩි වීමක් සිදුවෙයි.

පොදුවේ ගත් කල පසුගිය කාලය තුළ දී ඔබ් ජීවිතයට ආ කරදර බාධක, පාඩුවීම්, පවුල් ජීවිතය තුළ පැවැති නොසන්සුන් ගති දුරුවීම් එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතවලට පැවැති බාධා වීම් දරුවන්ගේ නොසන්සුන් ගති දුරුවී යම් තරමකට සුබදායක වර්ෂයක් වනවාට නිසැකය. සෑම පැත්තෙන්ම සතුට, අත්විඳින්නට ලාභ ලැබීමට වාසනාව උදාකරයි. හොඳ මිත‍්‍ර සමාගම් සමගම අලූත් තත්ත්වයකට යෑමට ද අලූත් නිවාසවල පදිංචියට යෑමට ද හැකියාව පවතියි. අලූත් තත්ත්වයට වඩා ඔසවා තබන්නට මෙම ගුරුට හැකියාව පවතියි. නීතිය පැත්තෙන් තිබුණ කරදර ගැටලූ මඟහැරේ. සහකරුගේ පැත්තෙන් හෝ සහකාරියගේ පැත්තෙන් උදව් උපකාර ලැබේ. විවාහ යෝජනා ස්ථිර වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. විවාහය ඉක්මන් වෙයි. මෙය අවුරුද්දක් පුරාවට ගුරු පවතින කාලය ඔබට ජය ම වේවි.

මිථුන –

7 සහ 10 අධිපති ගුරු වෙයි. 7 වැන්න විවාහය හා ලෝකය පෙන්වයි. එම නිසා මෙම 7 අධිපති ගුරු 10 වැන්නේ ස්වක්ෂේත‍්‍රව ගමන් කරයි. එමෙන්ම 7 වැන්න ඔබට බාධා ගෙනදෙන ස්ථානයයි. එම නිසා මුලින්ම මා පහදා දිය යුතුය, ගුරුගේ මහ දශාවක්, අතුරු දශාවක්, විදශාවක් ගතකරන ඔබට ගුරු බලවත්ව සිටීනම් හෝ ගුරුගේ බලය ඔබේ කේන්දරයට දුබල නම් සහ 22 වන දෙර්කාණාධිපති ගුරුනම් නැතිනම් 64 වන නවාංශකාධිපති ගුරුනම් ඉහත කී ආකාරයට පවසන ඵලාඵල වෙනස් විය හැකිය. අවුරුදු 2 1/2 ක කාලයක් පැවැති අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයෙන් මිදී නව ගමනක් කරා යන මිථුන ලග්න ඔබට අලූත් ව්‍යාපාරවලට අත ගැසීමට වාසනාව උදාවෙයි. නව ආදායම් මාර්ගවල දොරටු ඇරේ. ව්‍යාපාර දැනට පවත්වාගෙන යන අයට හොඳ බවක් ගෙනදේ. තවද රැුකියා වත්මන් උසස් වීම් වැටුප් වැඩිවීම්, හොඳ අතට හැරේ. මෙම ගුරුට ශනිගේ දෘෂ්ටියක් වැටුණොත් අනිවාර්යයෙන්ම ඔබට රැකියාවේ නව මං පෙත් විවර වනවාමයි. ඔබව ඉහළට ඔසවා තබන බව නාඩි සිද්ධාන්තවලින් පැවසිය හැක. එමෙන්ම අභිමානය ගෞරවය ඔබට හිමිවෙයි. 10 වැන්න ඔබේ කර්මස්ථානයයි. ඔබ උපන් තත්ත්වයට වඩා යම්කිසි මට්ටමකට ඔබේ කේන්දරයේ පිහිටීම අනුව ඔබව ඔසවා තබයි. විශේෂයෙන්ම මතක් කළ යුතුයි, ගුරු ග‍්‍රහයා ඔබේ බාධක ග‍්‍රහයාදවන බැවින් ඔබට යම් යම් බාධා වීම් ද ගෙනදෙයි. එවිට තම තත්ත්වය වෙනස් විය හැක. ගමන් බිමන් අධික කරයි. එම ගමන් බිමන්වලින් ලැබෙන ප‍්‍රතිඵල සමහර අවස්ථාවල දී අඩුවිය හැක. රැුකියාව කරන ස්ථානයේදී තම ස්වාමියාගෙන් නොයෙක් දේ අසන්නට ලැබේ. නමුත් ඔබේ තත්ත්වයට හානි කිරීමට නො හැකිවෙයි. මොනදේ සිද්ධ වුණත් ඔබ කරන කියන සෑම දෙයක්ම හොඳට සිතා බලා කළ යුතු බව සඳහන් කළ යුතුයි.

අපේ පාසල් යන දුවා දරුවන්ට නම් වෙනදාට වඩා වැඩි මහන්සියක් කැපවීමකින් පාඩම් වැඩකටයුතුවල යෙදිය යුතුයි. එසේ නොවුණොත් ඔබ සිතන තරම් ලේසියෙන් ඔබේ ගමන යා නොහැකි නිසා ඔබ අසාර්ථක වේවි. පසුගිය කාලයේදී ඔබට පැවැති අෂ්ටම තත්ත්ව නිසා ද බාධාවීම් ඇති විය. නමුත් යම්කිසි දුරකට ඔබේ ජීවන මඟ වෙනස් කරමින් ඉදිරියට යන්නට අධිටන් කරගන්න.

කටක –

කටක රාශිය රාශි චක‍්‍රයේ 4වන රාශිය වෙයි. මෙම රාශියේ 2022 දී සිදුවන ගුරු මාරුව කටක ලග්න හිමි ඔබේ 6 වැන්න හා 9 වැන්න අධිපති ගුරු. 2022.04.30 වැනි දින ඔබට අෂ්ටම ඒරාෂ්ටකයක් ද පැමිණේ. නමුත් ඔබේ පුණ්‍ය ස්ථානයට ගුරු ස්වක්ෂේත‍්‍ර බලයෙන් සිටීම ඔබේ පෙර පින පලදෙන වාසනාවන්ත වර්ෂයකි. මෙම ගුරු මාරුව අෂ්ටම අපලයට නියම පිළියම සපයන්නා වන්නේ ගුරුයි.

ඔබේ ජීවිතයට මෙතෙක් පැමිණි කරදර දුරුවේනම් සිතේ සමාදානය, යුක්ති සහගත බව ඇතිවෙනවා. අන් අයට උදව් කිරීමටත් අන් අයගෙන් උදව් ගැනීමටත් හොඳම කාලයකි. පී‍්‍රතිමත් දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. මෙම ගමන් බිමන් ආගමික වන්දනාමාන කරන ස්ථාන ද විය හැක. තවද විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම බලාපොරොත්තු ඉෂ්ට වන කාලයකි. පවුලේ සමගිය ඇතිවේ. දරුවන් දෙමාපියන් අතර ද හොඳ සමගියක් ඇතිවේ.

මේ කාලයේ පිට පළාත්වල දී කරන කටයුතුවලින් සහ පිට පළාත්වල අය සමග කරන ගනුදෙනුවලින් ලාභ ප‍්‍රයෝජන ලබාගත හැක. අධ්‍යාපනය ලබන දරුවනි මේ ගුරු මාරුව ඔබට ඇත්තෙන්ම සුබදායකයි. ඉගෙනීමට වැඩි කැමැත්තක් ඇතිවේ. උසස් අධ්‍යාපන වරම් ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන්නට අවස්ථාව උදාවේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර ගැන දැනීමක්ද ඇතිවෙයි. පියාට සහ ගුරුවරුන්ට හොඳ කාලයයි. මේ කාලයේ ආගමික භක්තිය වැඩිවෙයි. මෙය වැඩිවන තරමට සුබයි. භක්තිය ද තරමක් දුරට වැඩිවෙයි. ඔබ පෙර දෙවියන් ගැන විශ්වාසය නො තැබුවත් අද ඊට වඩා වෙනස් ආකාරයෙන් දෙවියන් කෙරේ බැල්මක් ඇතිවෙයි.

නොයෙක් ක‍්‍රමවලින් ලාභ ප‍්‍රයෝජන ද කරන කටයුතුවල දියුණුවක් ද ආදායම් මාර්ග විවිධ විවිධ අයුරින් ලැබීම් ද තම බලය වැඩිවීමක් ද පෙන්නුම් කරයි. තවද ආදර බන්ධන ඇතිවෙයි. විවාහය ස්ථිර වෙයි. විවිධ අවස්ථාවන්වලදී උත්සවවලට සහභාගි වීමට ද අවස්ථාව උදාවෙයි. කෙසේ හෝ ඔබට ඔබේ වාසනාව ඔබ කරා එන වර්ෂයකි. නමුත් ගුරු 22 වන දෙර්කානාධිපති හෝ 64 වන නවාංශක අධිපති වූ අයටත්, කේන්දරයේ ගුරු නරක තැනක අශුභ අයුරින් සිටින අයටත්, මහදශා, අතුරු දශා, විදශා සතුරුවී නම් තරමක් දුරට ඔබව ලෙඩ කරන්නට බලයි. මානසික පීඩන ගෙන දෙන්නට බලයි. ඉහත කී විස්තරය අඩුවීමට පුළුවනි.

සිංහ –

රාශි චක‍්‍රයේ 5 වන රාශිය සිංහය යි. ඔබට ගුරු මාරුව කෙසේ බලපාවිද? ඔබේ 8 වැන්න වූ රෝගස්ථානයට, ආයුෂස්ථානයට බලවත්ව පැමිණේ. විශේෂයෙන්ම ගුරු 8 වැන්නේ ස්වක්ෂේත‍්‍ර බලයෙන් යුක්තයි. කෙසේ හෝ ඔබට පැමිණෙන කරදර බාධක දුක් දොම්නස් ඉවසා දරාගෙන ඉදිරියට යා යුතු වර්ෂයකි. විශේෂයෙන්ම ඔබේ කේන්දරයට අනුව 8 අධිපති 8 වැන්නේ තැන්පත් වීමෙන් ආයුෂ වැඩි වෙයි. 6, 7, 8, ඔබේ පුද්ගලික කේන්දරයේ සඳු තැන්පත්වී සිටීදැයි බලන්න. විශේෂයෙන් 2022.04.30 ශනි තැන්පත් වන නිසා ඔබට ජන්ම ඒරාෂ්ටකයක් යන නිසා ඉහත කී කරුණු තරමක් දුරට අඩුවෙනවා. තවද 22 වන දෙර් කාණාධිපති ගුරු නම් තවදුරටත් සුබ ඵල දීම අඩුයි. ඔබ විමසිල්ලෙන් යුතුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් මේ කාලයේ තමාගේ දූ දරුවන් ගැන විමසිලිමත් විය යුතුයි. පුළුවන් තරම් දුරට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසක් ගැනීමට සිදුවෙයි.

මේ කාලයේ ගමන් බිමන් අධික වෙයි. නින්දා අපහාස, දෝෂාරෝපණ ඇති විය හැක. අමුනුෂ්‍ය බලපෑම් ද ඔබට ඇතිවෙයි. ඒවායින් ද පරිස්සම් වන්න.

කන්‍යා –

රාශි චක‍්‍රයේ 6 වැනි රාශිය කන්‍යාවයි. 2022 දී සිදුවන ගුරු මාරුව ඔබට ඔබේ ජීවිතයට කෙසේ බලපාවිද? ඔබේ කේන්දරයේ 7 වැන්න වූ විවාහ ස්ථානයට ගුරු හංස යෝගයි පැමිණෙන්නේ. ඉතිං මෙම ගුරු මාරුවත් සමග ම ඔබගේ සමාජ තත්ත්වය උසස් වෙනවා. ඔබව ඉහළට ඔසවා තබන වර්ෂයක් වනවා. ගෙදර දොර වාසනාවන්ත කාලයක් වෙනවා. ඔබේ කේන්දරයේ ගුරුගේ මහ දශාවත් අතුරු දශාවත් විදශාවත් යන්නේ නම් සුබ අයුරින් මෙම තත්ත්වය තව තවත් උසස් වෙනවා. ඇත්තෙන්ම ඔබට සුබදායක ජීවිතයක් ගත කරන්නට වාසනාව උදාවෙනවා.

ඔබේ ලග්නයෙන් 7 වැන්න විවාහස්ථානයේ ගුරු ස්වක්ෂේත‍්‍රව බලවත්ව පැමිණීම නිසා විවාහ වූ අයගේ විවාහ ජීවිතයේ පැවැති යම් යම් හැල හැප්පීම් දුරුවී සතුට සමාදානය ඇතිවෙනවා. සුබ විවාහ යෝජනා පැමිණෙනවා. ඒ අතර විවාහ මංගල උත්සව පවත්වන්නට ද හොඳම කාලය ද වේ. සහකරුගේ හෝ සහකාරියගේ උසස් ගුණ ධර්ම, උසස්වීම් යම්කිසි මට්ටමකට ඔසවා තබනවාමයි. (මෙය තම තමන්ගේ රැුකියාව මත සිදුවන්නකි. සමාජ තත්ත්වය මත සිදුවන්නකි.* සහෝදර සම්බන්ධතාවයන්ද ඉහළට ඔසවා තබන කාලයකි. ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි. සියලූ බාධක බිඳගෙනම ඔබ ජය කණුව කරා යනවාමයි. විදේශ ගමන් බිමන්වලට උත්සාහ ගන්න. හවුල් ව්‍යාපාරවල හවුල්කරුවෙක් වන්න. පුළුවන් තරම් පිං අතේ වැඩ කිරීමට ද අදිටනත් කරගන්න.

තුලා –

තුලා ලග්න හිමි ඔබ් කේන්දරයේ 6 වන රාශිය වූ මීන රාශියට ගුරු පැමිණේ. 3, 4 යන රාශියක උපන් කේන්දරයේ සඳු ඇත්දැයි බලන්න. නැතිනම් 5 වන රාශියේ සඳු ඇත්නම් ඔබට ශනිගේ ජන්ම ඒරාෂ්ටක තත්ත්වයක් ඇතිවෙනවා. මීට අමතරව බුධ මහ දශාවක්, ගුරු මහ දශාවක්් හෝ සිකුරුගේ මහ දශාවක් ඔබ ගත කරන්නේ නම් තරමක් දුරට මෙම ගුරු මාරුව ඔබට අසුබ ඵල ගෙන දෙන්නට හේතුකාරණා වෙනවා. හැබැයි ඔබේ ජන්ම කේන්දරයේ 3 අධිපති ගුරු 6 වැන්නේ තැන්පත් වී නම් ඔබට යම්කිසි සුබදායක ප‍්‍රතිඵලයක් ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනවා. හැබැයි මේ කාලය ඔබේ සියලූම කටයුතුවලට බාධා ගෙනදීමට ඔබව ආපස්සට යෑමට අවස්ථාව උදාවෙනවා. සිතේ සැනසීම අඩුවෙන කාලයකි. තමාගේම නිවස, ව්‍යාපාර ස්ථානය තමාට නුහුරු බවක් ගෙන දෙනවා. පෙර තිබූ ශක්තිය දුර්වල වෙනවා. වේගවත් සිතුවිලි දුර්වල වෙනවා. සිතට මහ බයක්, තනිකමක් දැනෙන්නට පටන් ගන්නවා. හැබැයි කල්පනාව නැති වුණත් සිය දහස් වාරයක් සිතාබලා තීරණ ගත යුතුයි. එසේ නොවුණොත් ඔබට ඔබවවත් නැති වෙනවා. හවුල්කාරයන් සමග ඇතිකර ගත් ගිවිසුම්, නැතිවී යනවා. හවුල් කාරකම් නැතිවී යනවා.

පුළුවන් තරම් මේ වර්ෂය තුළදී විවාහ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමටත්, අලූතින් යමක් ආරම්භ කිරීමටත් නොයන්න. පුළුවන් තරම් ඇඟ බේරගෙන ඉන්න උත්සාහ ගන්න. තවද ලෙඩ රෝගවලින් ප‍්‍රවේශම් වන්න. නිසි අයුරින් බෙහෙත් ලබා ගන්න. දෙමාපියනි අධ්‍යාපනය ලබන දරුවන් ඔබේ නිවසේ ඇත්නම් ජන්ම පත‍්‍රය පරීක්‍ෂා කර බලා උපදෙසක් ගෙන කළ යුතු දේ කරන්න.

වෘශ්චික –

මෙම 2022 දී සිදුවන ගුරු මාරුව මුලින්ම විමසමු. මෙම ගුරු පෙර 04 වැන්නේ සිටි අතර දැන් 5 වන රාශිය වූ මීනයට පැමිණෙයි. 5 වැන්නේ තැන්පත් වූ ගුරු 11 වැන්නේ වූ අයස්ථානයේ සුබ දකියි. මෙම නිසා ඔබට ඔබේ ව්‍යාපාර කටයුතු, ආර්ථික තත්ත්වය ඉහළට ඔසවා තබනවා.

රැුකියා කටයුතුවලින්ද, ව්‍යාපාර අතින්ද, අලූත් ව්‍යාපාර, අලූත් නිවාස කරා යෑමටද වාසනාවා උදාවෙනවා. තවද අලූතින් නිවාස කටයුතු ආරම්භ කිරීමටද වාසනාව උදාවෙනවා. ඔබේ ආදර සම්බන්ධතා ස්ථිර වෙනවා. විවාහ මංගල යෝග උදාවෙනවා. විවාහයෙන් පසු ජීවිතය ද ඉතාම සාර්ථකයි. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට සතුටුදායක බලාපොරොත්තු ඇති කරගත හැකි වාසනාවන්ත පුත‍්‍ර රත්නයක් ලැබීමේ වාසනාව උදාවෙනවා. (මෙය 5 වැන්නේ 2, 19 බලා එක් එක් අයගේ ග‍්‍රහ පිහිටීම අනුව වෙනස් විය හැක.*

ඇත්තෙන්ම කිවහොත් ඔබ වාසනාව කරා යනවා නොවේ වාසනාව ඔබ කරා පැමිණෙන කාලයකි. ඉඩම් මිලදී ගැනීමටත් විකිණීමටත් සුබ කාලයකි. විදේශ ගමන් බිමන් රැුකියාවන් සඳහා ද උසස් අධ්‍යාපනය සඳහා ද යා හැක.

ධනු –

තමන්ගේ ජීවිතයට මෙම ගුරු තමාගේ ලග්නාධිපති 4 වැන්න අධිපති ගෘහස්ථානාධිපතියා මෙම ගුරු ලග්නාධිපති වෙලා 4 වැන්නේ තැන්පත් වීමෙන් ගුරු හංස කියන පංච මහ යෝගය උදාවූවා. මෙම ගුරු කේන්ද්‍රස්ථානයක තැන්පත් වීම ඉතාම ශුභදායකි. මෙම ධනු ලග්න හිමියාගේ 12 වැන්නේ සඳු සිටීද ලග්නයේ හෝ 2, 3 වැනි රාශිවල සඳු තැන්පත්වී ඇත්නම් ලග්න ජන්ම ඒරාෂ්ටකයක් ඇත. එමෙන්ම මුල් කාලයේ විවාහ ජීවිතයේ යම් යම් ගැටලූ ඇති වුවත් එය දැන් දැන් ටික ටික නැතිවී යයි. වාසනාව උදාවෙයි.

ගුරු මහ දශාව, අතුරු දශා විදශාව ලබන අයට ගුරුගෙන් උපන් කේන්ද්‍රයේ සතුරුව ඇත්නම් හෝ 22 වන දෙර්කාණාධිපති ගුරු නම් මෙවැනි අයට මෙම ගුරුගෙන් තම ආදායම අඩුකරන බවක් පෙන්නුම් කරයි. සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇතිවේ. බොහෝවිට සමහර අවස්ථාවලදී කරගෙන යන කටයුතුවල හා තමාගේ එදිනෙදා කටයුතුවල වෙනසක් සිදුවෙයි.

රැකී රක්‍ෂාවල ප‍්‍රශ්න ඇතිවෙයි. බලාපොරොත්තු වූ අදහස් සුන්වී යයි. නීති මාර්ගයට නොයන්න. පුළුවන් තරම් කල්පනාවෙන් ජීවිතය ගෙන යන්න උත්සාහ කරන්න. ලග්නය බලවත්ව ගුරුත් බලවත්ව ඔබේ කේන්දරයේ ඇත්නම් මෙවැනි දේ සිදුනොවේ.

මකර –

මකර ඔබේ 3 වන වික‍්‍රමස්ථානයටයි මෙම ගුරු මාරුව සිදුවන්නේ. බලන්න ඔබේ කේන්දරය ගෙන සියලූම මකර ලග්න හිමියන් මේ කාලයේ ලග්න ඒරාෂ්ටකයක් ගත කරනවා. ඔබේ ඥාතීන් සමග අසල්වැසියන් සමග මිත‍්‍ර වන කාලයක් ඔබේ ගති පැවතුම් යම්කිසි ප‍්‍රමාණයකට වෙනස් වෙනවා. ඔබේ ජීවිතයේ තදින් පැවැති අඳුරු කාල මෙම ගුරුගේ පැමිණීමෙන් නැතිවී යයි. ඔබේ උත්සාහය මත ඔබ වෙහෙස වන තරමට ආදායම ලබාගත හැක. නමුත් ශරීර සෞඛ්‍යයට තරමක් යහපත් නොවේ. එමෙන්ම තමා

නිදාගන්නා ස්ථානය හෝ තමාගේ ගෘහ ජීවිතය, පදිංචිය වෙනස් විය හැකිය. ගෙදර තමාට අපි‍්‍රය තැනක් බවට පත්වෙයි. ස්ථානය හැර යන්නට සිතේ. අධික වියදම් ඇතිවේ. නිශ්චල ගමන් බිමන් යෙදේ. එයින් ලැබෙන ප‍්‍රයෝජනය අඩුවෙයි. මහන්සියක් දැනේ. නිතරම කනස්සලූ ගතියක් දැනේ.

අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මානසික මට්ටම හොඳ කරගෙන අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. මේ කාලයේ පේ‍්‍රම සම්බන්ධතා ගොඩනඟා ගැනීමක් නොකළ යුතුයි. ඥාන ශක්තිය හීනකර නොගන්න. විදේශ ගමන් බිමන්වලට උත්සාහ කරන්න. තරග විභාගවලින් ජයගත හැක. හැබැයි පුළුවන් තරම් උත්සාහ කළ යුතයි තම ගමන සාර්ථක කර ගැනීමට.

කුම්භ –

බලන්න ඔබේ කේන්දරයේ ධනස්ථානාධිපති හා අයස්ථානාධිපති තමයි මේ ගුරු. මෙම ගුරු අයස්ථානය බැවින් ඔබේ කේන්දරයට ධන යෝග උදාකරයි. ඉතාම සහනදායිකව, නිහතමානීව, තම අරමුණ කරා හිමින් හිමින් යන ගමනකි. හැබැයි පොදුවේ කුම්භ ලග්න හිමි ඔබ ගත කරන්නේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයකි. එසේම මෙම අපල කාලයේදී එනම් අපේ‍්‍රල් මස 30 වන දින ශනිගේ මාරුවත් සිදුවේ. එවිට ඔබේ ලග්නයට ශනි පැමිණේ. මෙම ශනිගේ පැමිණීමෙන් ශනි ස්වක්ෂේත‍්‍ර වුවත් ඔබ කල්පනාවෙන් ඔබේ ඉදිරි කටයුතු සිද්ධ කර ගත යුතුයි. මන්ද හැමවිටම ඔබේ ගමන වේගවත් නැත. හිමින් යන ගමනේ ඇතිවන බාධක බිඳගෙන ඉදිරියටම යා යුතුයි.

ඔබට මෙතෙක් කල් පැවැති කරදරවලට ගුරුගේ ග‍්‍රහ ගමනින් පසුව සුබ දායක තත්ත්වයක් උදාවෙයි. ඔබේ 6, 8, 10 යන තැන් බලවත් දෘෂ්ටියෙන් දැකීම නිසා ඔබට සම්පූර්ණ අපලදායක බවක් ගෙන නොවේ. සියලූ දෝෂ නිවාරණය කරයි. රැුකියා කටයුතුවල වෙනසක් ඇතිවේ. ව්‍යාපාර තත්ත්වය අලූත් කර ගැනීමටත් අලූත් ව්‍යාපාර පටන් ගැනීමටත් මේ කාලය සුබයි. බලන්න ඔබේ කේන්දරයේ අනිකුත් ග‍්‍රහ පිහිටීම් කෙසේද කියා. මන්ද මේ පොදු පලාඵල විස්තරයක් පළ කරන නිසා. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දුවා දරුවන්ට මේ කාලය සුබයි. උත්සාහයන්ගේ ප‍්‍රතිඵල නෙළා ගත හැකි කාලයකි.

මීන –

ලග්නාධිපති තමයි ගුරු නොහොත් බ‍්‍රහස්පති. මෙම ගුරු ස්වක්ෂේත‍්‍ර බලයෙන් හා ගුරු හංස යෝගයෙන් පැමිණේ. ලග්නාධිපති ලග්නයට පැමිණෙන්නේ රජ ගමනින්ය. ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඉතාම වාසනාවන්ත කාලයක් බැවින් ඔබේ ජීවිතේ මිණි පහන ඔබ විසින්ම දල්වා ගත යුතුයි. ගුරු ලග්නයේ සිටීමෙන් කෝටියක් දෝෂ භංගවෙයි. ගුරුගෙන් ඔබට ඔබේ පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීමටද අවස්ථාව උදාවෙනවා. ඔබේ 5, 7, 9 යන පෙර පින ලබාදෙන ස්ථාන 3 ම ගුරු දකිනවා.

අධ්‍යාපනය ලබන දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවෙනවා. සරසවි වරම් ලැබීමටද වාසනාව උදාවෙනවා. විදේශ ගමන් බිමන් ඇතිවෙනවා. දරුවන් වැරදි මාර්ගවලට නොයන කාලයකි. විවාහය සාර්ථක වෙනවා. විවාහයෙන් පසුව දියුණුව ඇති වෙනවා. අලූත් අලූත් මාර්ගවලින් තම පෙම්වතා හෝ පෙම්වතිය මුණ ගැසීමට අවස්ථාව උදාවෙනවා. වාසනාවන්ත විවාහයක් මංගල යෝග උදාවෙනවා. වාසනාවන්ත දරුවන් ලැබීමේ වාසනාවද උදාවෙනවා. මේ සියලූ දේ ගුරු ඔබේ 22 වන දෙර්කාණාධිපති නම් ගුරු ඔබේ පෞද්ගලික කේන්දරයේ පිහිටා ඇති ආකාරය අනුව ඉහත කී දේ වෙනස් විය හැක.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?