සංචාරකයින්ගේ පැමිණීම සිඝ්‍රයෙන් පහළට

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පිළිබඳ සැලකීමේදී පෙනී යයි. ඒ අනුව පසුගිය 05වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,997දෙනෙකු පමණයි.

මාර්තු මාසයේදී දෛනිකව සංචාරකයන් 4,000ත් 5,000ත් අතර පිරිසක් මෙරටට පැමිණියහ. නමුත් මේ මස පළමුවැනිදා සිට මෙරටට දෛනික සංචාරක පැමිණීම ක්‍රමානුකූලව අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා සංචාරකයන් 3,222දෙනෙකු හා දෙවැනිදා 4,114දෙනෙකු පැමිණ ඇති නමුත්, අප්‍රේල් තුන්වැනිදා හා හතරවැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 2800කට ආසන්න ගණනකි.

ඒ අනුව මෙම මාසයේ මුල් දින 05 තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 14,836කි. නමුත් මාර්තු මාසයේ මුල් සතිය තුළ මෙරටට සංචාරකයන් 25,507දෙනෙකු පැමිණ තිබේ. එමෙන්ම මාර්තු අවසන් සතිය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 31,184කි.

ඒ අනුව සැලකීමේදී මෙම මාසය තුළ මෙරටට සංචාරකයන් පැමිණීම දිනෙන් දින අඩුව ඇති බව දැකිය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04