ලංකාවේ ආර්ථිකය දරුණු අඩියක – ආසියානු සංවර්ධන බැංකුව

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4%ක් දක්වා අඩුවිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කර සිටිනවා. මෙරට ආර්ථික වර්ධනය 2023 වසරේදී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයේ දැක්වෙන්නේ.

“මේ වනවිට ශ්‍රී ලංකාව වෙනත් අභියෝග රැසකට මුහුණදෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම, ආනයන වියදම් වැඩිවීම සහ සැපයුම් දාමයේ ඇතිව බාධා නිසා ගැටලු වැඩිවෙලා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආහාර ද්‍රවය සහ ඉන්ධන මිල ඉහළ යෑම සහ සංචාරකයින්ගේ නොපැමිණීම නිසා විදෙස් සංචිත අඩුවීම මෙයට ප්‍රධාන ගැටළුවී ඇත.” යැයි ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වැඩිවන රාජ්‍ය ණය, පහළයන විනිමය සංචිත සහ උද්ධමන පීඩනය හේතුවෙන් මේ වන විට සාර්ව ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදෙමින් ඇති බවට පෙන්වා දී සිටිනවා.

මේ අතර මේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1412ක ආයෝජන යෝජනා 33ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළා. ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුළු ආයෝජන ඒ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27