අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) විරෝධතාවක් ආරම්භ කර තිබේ.
එම විරෝධතා පා ගමන කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් කිරීම සිදුවිය.
මේ වනවිට රජයේ රෝහල් රැසක ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනාවරණ කරයි.
මේ අතර ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඖෂධ ආනයනය කිරීම සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බැවින් අතිරේකව රුපියල් බිලියන 15ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවය.
ඖෂධ සහ ශල්‍ය උපකරණ ද්‍රව්‍ය 80%ක්ම මෙරටට ආනයනය කරනු ලබන අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 65ක් වෙන් කර ඇති බවද ඔහු පැවසීය.
ඩොලරයේ අගය ඉහළයෑම නිසා ඖෂධ ආනයනය කිරීම සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බැවින් අතිරේකව රුපියල් බිලියන 15ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලූ බවද ඔහු සඳහන් කළේය.
එසේම අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් ගෙන්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලීම් කර තිබේ.
ඖෂධ ප්‍රමාණවත් පරිදි ආනයනය කරන තුරු රෝහල් තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඖෂධ තොග ගබඩා කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බවද වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා විය.














