වෛද්‍යවරුත් පාරට බසී

අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම විරෝධතා පා ගමන කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් කිරීම සිදුවිය.

මේ වනවිට රජයේ රෝහල් රැසක ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනාවරණ කරයි.

මේ අතර ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඖෂධ ආනයනය කිරීම සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බැවින් අතිරේකව රුපියල් බිලියන 15ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවය.

ඖෂධ සහ ශල්‍ය උපකරණ ද්‍රව්‍ය 80%ක්ම මෙරටට ආනයනය කරනු ලබන අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 65ක් වෙන් කර ඇති බවද ඔහු පැවසීය.

ඩොලරයේ අගය ඉහළයෑම නිසා ඖෂධ ආනයනය කිරීම සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බැවින් අතිරේකව රුපියල් බිලියන 15ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලූ බවද ඔහු සඳහන් කළේය.

එසේම අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් ගෙන්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලීම් කර තිබේ.

ඖෂධ ප්‍රමාණවත් පරිදි ආනයනය කරන තුරු රෝහල් තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඖෂධ තොග ගබඩා කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බවද වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

පවතින ඖෂධ හිඟය හේතුවෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41