අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අප්‍රේල් 8 වැනි දා වැඩ වර්ජන ක්‍රියාවලියකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ජනතාවගේ හඬට කන් දී වහා ම නිසි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස ආණ්ඩුවට බල කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරනවා.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.

ජනතාවගේ හඩට කන්දීලා, දැන්වත් ශිෂ්ඨ සම්පන්න තීරණවලට එන්න බල කරමින්, අප්‍රේල් 8 සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒකටත් ප්‍රතිචාර නැත්නම් ඇඛණ්ඩ වර්ජනයකට වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි සූදානම්.

ජනතා පීඩාව ඉවර කරන්න ජන හඩ ජයග්‍රහණය කරවන්න සිදු කරණ ඒ වර්ජනයේදී අපි රෝහල් සේවාව කඩා වැටෙන්න දෙන්නේ නෑ. රෝගීන්ගේ සේවාවන් ආවරණය කරන ගමන් අපි ඒ වර්ජනයට සහය දක්වනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන්නේ ඔහුට දේශපාලනික ව ඇති විරෝධය නිසාම නෙවේ. ඔහුට චන්දය දීලා, ඔහුව විශ්වාස කරලා ජනධිපති පුටුවේ ඉන්දවපු බහුතරයක් අද පාරට බැහැලා ‘ගෝ ගෝටා හෝම්’ කියන්නේ තරහටම නෙවේ.

ඔහුගේ වැඩපිළිවෙල අසාර්ථක බව ඔප්පු වෙලා තියන නිසා.

ඒ අතර ජොන්ස්ටන් වගේ ඇමතිවරු ඔහුව පාර්ලිමේතු යවපු ජනතාවටම චැලෙන්ජ් කරනවා, අපි යන්නේ නෑ, අපි මුහුණ දෙනවා කියලා. ඒක චන්ඩිකමක් නෙවේ.

තවම ශිෂ්ඨ විදිහට තීරණාරගෙන, අවසාන අඩියට වැටිලා තියන රට ගැනවත් හිතන්න වුවමණාවක් නැති බව ප්‍රදර්ශනය කිරීමක්. අද සෞඛ්‍ය ඇමති කෙනෙක් නෑ.

ඒත් පැය විසිහතරකින් මාර්ග සංවර්ධන ඇමතිව යලි පත් කරනවා.

ඇයි ඒ?

ගසා කන්න පුළුවන් අන්තිම සල්ලි ටිකත් පිල්ලි ගහන්න ඕනේ නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04