“හොඳ ශ්‍රී ලංකාවක් හදන්න අපි ඔයාලට සහාය දුන්නත් දැන් නම් කණගාටුයි” – භාතිය, සන්තුෂ් කියන කතාව

භාතිය සන්තුෂ් කියන්නේ කොයි කවුරුත් දන්න සංගීත ක්ෂේත්‍රය හොල්ලපු ජාත්‍යන්තරය දක්වා අපේ සංගීතය අරන් ගියපු දක්ෂ ජනප්‍රිය  කලා තරු යුගලක්.

එක්තරා අවස්ථාවක දී රියැලිටි වැඩසටහන් විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන මේ දෙදෙනා සමාජ මාධ්‍ය වල ද ප්‍රසිද්ධ චරිත දෙකක්.

ඒ වගේම ඔවුන් ජනතාව අතර ප්‍රසිද්ධ නිසාම ජනතාවට දෙයක් දැනෙන්න කියන්න ජනතාවට දෙයක් පිළිගන්න හැකි ආකාරයෙන් කියන්න බලයකුත් තියෙනවා.

ඔන්න ඒ නිසාම පසුගිය කාලසීමාව තුළදී හොඳ නායකයෙක් රටට පත් කරන්න කියන චේතනාව මත මේ කලාකරුවන් දෙදෙනාත් මේ පාලකයන් බලයට ගේන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය කියලා ආරංචි වෙනවා.

නමුත් දැන් දැන් ඇතිවෙලා තියන තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් අහනවා කෝ එදා පාලකයන් වෙනුවෙන් පෙනී හිටපු කලාකරුවෝ ඇයි නැත්තෙ කියලා.

අන්න ඒ නිසාම ඔවුන් ඉතාමත් කලකිරුණු ස්වරූපයෙන් සටහනක් ජනාධිපතිවරයා ගැන සඳහන් කරමින් මුහුණු පොතේ පළ කරන්නේ පහත ආකාරයටයි.

ඔවුන් මේ ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් එහි සරල තේරුම පහතින්,

“රටේ මිනිසුන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යත අවශ්‍යයි, ඔවුන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සටන් කරනවා. රට එක තැන පල්වෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා දැක්කම දුකයි. ගරු ජනාධිපතිතුමනි, රටේ හඬට සවන් දෙන්න, වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා අපි ඔබට සහාය දුන්නෙමු, මේ ජාතියේ දුක්ඛිත තත්ත්වය දැකීමෙන් අපි සැබවින්ම කනගාටු වෙමු. ශ්‍රී ලාංකිකයන් තම අනාගතය වෙනුවෙන්, තම දරුවන් වෙනුවෙන් හදවතින්ම හඬ නගති. මිනිසුන් මර්දනය කිරීම පිළිතුර නොවේ, බලය යෙදවීම පිළිතුර නොවේ, හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිතුර නොවේ, සමාජ මාධ්‍ය තහනමක් ඇති කිරීම පිළිතුර නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිසි විසඳුමක්, මේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින නැවත ගෙන එන සත්‍යවාදී විසඳුමකි. අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් හිටියා, අපි මේ රටේ ජනතාව එක්ක ඉන්නවා. ජනතාවගේ හඬට සවන් දෙන්න. රටට හරි දේ කරන්න.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?