AFC Banner
Empty Ad
Empty Ad

‘වෙනස්ව හිතන්න – බිය නොවන්න’ – බැසිල් කිව්ව අමුතු කතාව

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාරගෙන ඉදිරි කටයුතු කරන්න යැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී ඊයේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආරාධනා කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එලෙස පැවසූ හිටපු ඇමැතිවරයා දැනට එවැනි බහුතර බලයක් ඇති පිරිසක් පෙනෙන්නට නැති බවයි කියා සිටියේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ සටන් පාඨය ‘වෙනස්ව හිතන්න – බිය නොවන්න’ යන්න බවත් පක්ෂය ගොඩනැගුවේ එලෙස වෙනස්ව සිතා බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?