AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ඉල්ලීමට හිටපු අගමැති පිළිතුරක්

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය එසේ සඳහන් කරන්නේ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කළ ඇරැයුමට ප්‍රතිචාර වශයෙනි.

සර්ව පාක්ෂික සමුළුවේදී ද යෝජනා කෙරුණු පරිදි සියලු පක්ෂ නායකයන්ගේ කමිටුවක් හදා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිටින බවද එහි කිසිම වෙනසක් නැතැයිද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් පාර්ලිමේන්තුව රැස්වූ වහාම මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙන බවයි හිටපු අගමැතිවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?