හදිසි නීතිය නිසා ජනතා උද්ඝෝෂණ වලට ඉඩක් නැද්ද ? නිතිවෙදියෙකුගෙන් කරුණු පැහැදිලි කිරීමක්

හදිසි නීතිය පැනවුවද එමඟින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියට බාධාවක් මතුනොවන බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති අචාර්ය ප්‍රතිභා මහනාම පවසනවා.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම සඳහන් කර සිටිනවා.

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාව තුල මහජන ආරක්ෂක පනතේ ලැබෙන බලය ප්‍රකාශයට පත්කිරීම සම්පුර්ණයෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. එහිදී ජනාධිපතිවරයාගේ මතය අනුව ඔහුට පුළුවන් මහජන අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්න. එසේ මහජන අවස්ථාවක් ප්‍රකාශයට පත් කළාම රටේ තියෙන අනිත් නීති, රෙගුලාසි, අනු නීති වලට වඩා මෙය ඉහළට එනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකු අත්අඩංගුවට ගන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහෙය් චෝදනාව කියල දීලා නම් මේ නිතිය යටතේදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ, ආරක්ෂක අංශ වලටයි පොලිසියටයි අත්ඩංගුවට ගන්න පුළුවන්.

නුමුත් ඉතාමත් වැදගත් දේ මෙවැනි හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කලාම එය බලපවත්වන්නේ මාසයයි. ඊට පස්සේ එය කෙලින්ම අවලංගු වෙලා යනවා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වහාම දැනුම් දෙන්න ඕන රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා. ඒ වගේම පනතේ තියෙනවා මෙය දින 14කට පස්සේ යෝජනාවකින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්න ඕන කියලා. යෝජනාවකින් සම්මත වුනේ නැත්නම් මෙය සම්පුර්ණයෙන්ම අවලංගු වෙලා යනවා. තවත් දික් කරන්න අවශ්‍ය නම් දින 14න් 14ට දික් කරන්න ඕන.

මෙතැනදි කියන්න ඕන දේ තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි ඉහලින්ම තියෙන්නේ. රටේ හදිසි නිතිය තිබ්බට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 පරිච්ජේදයේ 14 (1) පැහැදිලිවම සඳහන් වනවා ජනතාවට භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, රස්විමේ නිදහස, සාධාරණ උද්ඝෝෂණය සාමාකාමිව සිදුකිරීමේ අයිතිය කිසි ලෙසකින් යට වෙලා නැහැ.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වගන්තියේදී මේ සම්බන්ධයෙන් යම් සිමා පනවා තිබෙනවා. ඒ තමයි ජාතික ආරක්ෂාව, රාජ්‍යයේ ආරක්ෂාව, ජාතික ආර්ථිකය යන සීමාවන් වෙන්න පුළුවන්. කොහොම වුනත් මහජන ආරක්ෂක පනත කිසිදු අවස්ථාවක 1978 මුලික මිනිස් අයිතිවාසිකම් පනතේ 03 වන පරිච්ජේදය අභිබවා යන්න බැහැ. ජනතාවට අයිතිය තියෙනවා සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන්න හැකියාව තියෙනවා.

හදිසි නීතියට ප්‍රකාශයට පත් කිරීමේදී අදාළ රෙගුලාසි තාම නිකුත් කරලා නැහැ. එතකොට රෙගුලාසි එක්ක තමයි අපට බලන්න වෙන්නේ. එතකොට අපි බලන්න ඕන 88-89 කාලයේ දී රෙගුලාසි කොයිතරම් දරුණුව තිබ්බද කියලා. සාමකාමී විරෝධතාවයන් සාමකාමී ලෙස ඉටුකරගෙන යන්න ජනතාවට පුළුවන්. ඒ වගේම ඒ යටතේ තමයි ජනතාවට ඒ අයිතිය ලැබෙන්නේ.” ආචාර්ය ප්‍රතිභා මහානාම සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34