මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා

පෙරේදා (31) රාත්‍රියේ නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයට සම්බන්ධ වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩ වී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයින්ගේ සියලු තොරතුරු මේ වනවිට මානව හිමිකම් කොමිසම ලබා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විමර්ශනයක් ආරම්භ කළ හැකි බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සිදුවීමට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අඟහරුවාදා රැස් වීමට නියමිතය.

මානව හිමිකම් කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් එහිදී රජය හෝ වෙනත් පාර්ශවයකින් මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බවත් කොමිසම ප්‍රකාශ කරයි.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13