තෙල් නැති වුණොත්, වැස්ස නැති වුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි – විදුලි ඉංජිනේරුවරුන් කියයි

මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, සභාපති අනිල් රංජිත් ඉඳුවර පවසා සිටියේ පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් තෙල් ප්‍රමාණවත් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,

“පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපිට ලැබුණ ප්‍රමාණය අනුව අද පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියට තවත් කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද බාච් විදුලි බලාගාරයේ තව දින තුනකට පමණ තමයි තෙල් ඉතිරි වෙලා තියෙන්නේ. ඒ අනුව කපන ප්‍රමාණය තව වැඩිකරන්න වේවි. පැහැදිලිවම අපිට ඉන්ධන ලබාදෙනවා නම් අපිට විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නේ පැහැදිලිවම රජයට හා ඒ අදාළ ආයතනවලට අපිට ඉක්මනින් තෙල් ටික ලබාදෙන්න. අපි විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න අපිට පුළුවන්. අපිට එතකොට ගැටලුව තියෙන්නේ ජලවිදුලි බලාගාර නැති එක තමා. දැනට ඉතා අඩු මට්ටමකට ඇවිත් තියෙනවා ජල මට්ටම්. එහෙම වුණත් අපිට දවාලට මෙගා වොට් 300කුත් රාත්‍රීයට මෙගා වොට් 700කුත් ලබාදෙන්න පුළුවන්.”

ප්‍රශ්නය – ඉදිරියේ දී අවුරුද්දට ජනතාවට අඳුරේ දීම ඉන්න වෙයි ද?

“තෙල් නැති වුණොත්, වැස්ස නැති වුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19