AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවට බොරු කියන්නේ ඇයි ? නීතිඥ සංගමයේ සභාපති අසයි

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් බලධාරීන් ජනතාවට බොරු කියන්නේ මන්දැයි නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා.

මේ සතියේ පැය 10ක විදුලිය විසන්ධි විය හැකි බවට පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළ නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර සිටියා.

නමුත් අද දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ රාත්‍රියේ තහවුරු කරනු ලැබුවා.

“සත්‍යය දේ පැවසීමට සහ ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමේ අයිතියක් ඇත. බලධාරීන් විසින් ජනතාවට බොරු කීම අතිශයින්ම ලැජ්ජාවට කරුණක්. ” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?