16 හැවිරිදි සිසුවාගේ මරණයට මිතුරන් තිදෙනා අත්අඩංගුවට

පැල්මඩුල්ල කිරිඳිඇල්ල අමුණේ තිබියදී හමු වූ දාසය හැවිරිදි පිරිමි ළමයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් තිදෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දියේ ගිලී මියගිය සිසුවාගේ මිතුරන් තිදෙනෙකු වන මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට වාර්තා නොකිරීම නිසාවෙන්.

ඊයේ පැල්මඩුල්ල, උඩතුල ප්‍රදේශයේ කිරිඳිඇල්ල අමුණේ තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා. මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ රත්නපුර පැල්මඬුල්ල – ගරාඬුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

ඔහු පසුගිය 26 වනදා ලෙල්ලුපිටිය ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පසු දිනයේදීත් ඔහු නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් පසුගිය 27 වන දා පැල්මඩුල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කළා.

ඊයේ දිනයේ කිරිඳිඇල්ල අමුණේ තිබී මෙම සිසුවාගේ මළ සිරුර හමුවීමත් සමග පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක ප්‍රදේශයේ ජලාශයක දියනෑමට ගොස් ඇති බවටයි.

දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදන්ව ඇති සිය මිතුරා සම්බන්ධයෙන් කිසිවකුටත් නොදන්වා මෙම මිතුරන් පිරිස එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි රත්නපුර පොලිසිය සඳහන් කළේ.

මේ වන විට මියගිය දරුවාගේ මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19