AFC Banner
Empty Ad
Empty Ad

හොලිවුඩ් නලු කියානු රීව්ස්ව චීනයෙන් පන්නයි

හොලිවුඩ් නළු කීනු රීව්ස්ගේ රඟපෑ චිත්‍රපට චීන වීඩියෝ ප්‍රදර්ශන මාධ්‍යයන් තුළින් ඉවත් කර තිබෙනවා. රීව්ස් රඟපෑ චිත්‍රපට 19ක් පමණ චීන වීඩියෝ මාධ්‍යයක් වන ටෙන්සන්ට් වෙතින් ඉවත් කර ඇති බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ.

එලෙස ඉවත් කළ චිත්‍රපට 19 අතර, “The Matrix”, “Speed”, “Bill & Ted’s Excellent Adventure” සහ “Something’s Gotta Give” සහ “The Lake House” ආදිය වේ.

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ව්‍යාපෘතියක් මගින් සංවිධානය කළ ටිබෙටය සදහා වන ආධාර ලබාගැනීමේ ප්‍රසංගයකට රීව්ස් සහභාගී වී තිබිණ.

මේ හේතුවෙන් චීන ආණ්‍‍ඩුවට පක්ෂපාත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වෙතින් රීව්ස් විවේචනයට ලක්වූ අතර ඔහුගේ නිර්මාණ වර්ජනය කළ යුතු බවට ද අදහස් මතු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?