දෙමටගොඩ රුවන්ට ඇප අරන් දෙන්නම් කියා කෝටි එකහාමාරක් අරන් – සිද්ධිය ගැන CID විමර්ශන

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡුාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියකට අල්ලසක් දීමට යැයි කියමින් රුපියල් විසි ලක්‍ෂයක මුදලක් ලබාගත් බව කියන රජයේ ඇමැතිවරයකුගේ සමීපතමයකු, පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයාගෙන් බවත් ඔහු මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත කටඋත්තරයක් ලබාදී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් අධිකාරී ලෝරන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතර අල්ලස් කොමිසමේ කණ්ඩායමක් වෙනම පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.

බන්ධනාගාර ගතව සිටින තම පියාට ඇප ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියකට රුපියල් විසිලක්‍ෂයක් ලබාදීමට අවශ්‍ය බව කියමින් මෙම සංවිධානාත්මක පිරිස තමන්ගෙන් මුදල් ඉල්ලා සිටි බව දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයා රහස් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇත.

අදාළ මුදල තමන් විසින් ඇතුල්කෝට්ටේ සුපිරි වෙළෙඳසලක් අසලදී සංවිධානාත්මක කණ්ඩායමේ පුද්ගලයන් වෙත ලබාදුන් බව ද රුවන්ගේ පුත‍්‍රයාගේ කටඋත්තරවල සඳහන්ව තිබේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායමට නීති විරෝධී වත්කම් දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කීප දෙනෙක් සහ අමාත්‍යවරයකුගේ සමීපතමයන් කීප දෙනෙකු සම්බන්ධ වී සිටින බව මේ වනවිට හෙළි වී ඇත.

අදාළ අල්ලස් මුදල් ලබා දුන්නද තම පියාට ඇප ලබා ගැනීමට නොහැකි වූ බව රුවන්ගේ පුත‍්‍රයා ප‍්‍රකාශ කර තිබේ.

දෙමටගොඩ රුවන්ට ඇප ලබා ගැනීමට විවිධ පුද්ගලයන්ට ලබාදීමට අවශ්‍ය බව කියමින් රුපියල් ලක්‍ෂ 150 කට අධික මුදලක් මෙම සංවිධානාත්මක කල්ලිය විසින් දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයාගෙන් ලබාගෙන ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

(උපුටා ගැනීම : දිවයින පුවත්පත)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19