AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන සාම සාකච්ජා වලට පැමිණි රුසියානුවන් තිදෙනෙකුට විෂ ප්‍රහාරයක්

යුක්‍රේන රුසියානු සාම සාකච්ඡා සදහා පැමිණි තිදෙනෙකුට විෂ ශරිර ගතවී ඇතැයි වාර්තා පල වනවා. එලෙස විෂ ශරීර ගතවී ඇත්තේ සාම සාකච්ඡා සදහා සහභාගී වූ රුසියානු කෝටිපති වයාපාරිකයෙකුට සහ යුක්‍රේන නියෝජිතයන් දෙදෙනෙකුට බවයි පැවසෙන්නේ.

ඔවුන් සමේ දැවිල්ල, ඇස් කැසීම් ආදි රෝග ලක්ෂණ වලින් පීඩා විද ඇති බවද පැවසෙනවා. යුක්‍රේන බෙලාරූස් දේශසීමාවේදී පැවැති එම සාකච්ඡා වලදී එම පුද්ගලයින් තිදෙනාට විෂ ශරීර ගත වූයේ කෙලෙස ද යනන් මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාළ සාකච්ඡාවලදී ඔවුන් ආහාරයට ගෙන ඇත්තේ ද චොක්ලට් හා ජලය පමණක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කලා. ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පාර්ශ්වයකට චෝදනා එල්ල කර නොතිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?