රන් පවුමක මිල ලක්ෂ 02කට ආසන්න වෙයි

අද දිනයේ කොළඹ හෙට්ටිවිදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 185,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රන් වෙළඳුන් පවසනවා. අමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යාමත් සමග රන් මිල ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

මේ අතර කැරට් 22කේ රන් පවුමක මිල අද සඳහන් වුයේ රුපියල් 170,000ක් ලෙසයි.

කෙසේ වුවත් ලෝක රන් වෙළඳපලේ රන් අවුන්සයක මිල මේවන විට පවතින්නේ අමෙරිකානු ඩොලර් 1933ක් දක්වා පහත අගයකයි.

මේ හේතුවෙන් මෙරට රන් කර්මාන්තකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව තිබෙනවා.

මේ අතර අද සවස් වන විට රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?