AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ ඇමති ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද කොළඹ පිහිටි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය ජයශංකර් කියා සිටියේ LIOC හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබඳව තමා දැනුවත් කළ බවයි.

“ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය ප්‍රධාන යටතේ සපයනු ලබන ඉන්ධන හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට උපකාර කරයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ණය මාර්ගයක් යටතේ ඩොලර් බිලියනයක මූල්‍ය ආධාර ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා යොදා ගැනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?