AFC Banner
Empty Ad
Empty Ad

වසර 55කට පසු ශ්‍රී ලංකාව නැවත ඇරඹූ සේවය

වසර 55 කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාලසටහන්ගත ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කෙරුණා.ඒ අනුව මාලදිවයිනේ සිට පැමිණි ගුවන් යානයක් පෙරවරු 08 යි 47 ට රත්මලානට ගොඩබැස්වූ බවයි ගුවන් තොටුපළ වාර්තා සඳහන් කලේ.

අද සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන් ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණයි.

මේ අතර වසර 02 ක් පුරා අත්හිටුවා තිබූ ඉන්දියාව සඳහා වන ජාත්‍යන්තර ගුවන් ගමන් අද නැවත ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවද ඇතුලු රටවල් 40 ක පමණ ගුවන් සේවා 60 කට පමණ ඒ සඳහා අවසර දී ඇති බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය හමුවේ ඉන්දියාව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?