AFC Banner
Empty Ad
Empty Ad

පෙට්ට්‍රල් මිල ගැන ඇමති ගත් තීරණය

ලංකා IOC සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ප්‍රමාණවත් පෙට්‍රල් තොග රටපුරා පවතින බවත් එබැවින් අනිසි කලබලයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට පමණක් පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඛණිජතෙල් නීතිගත සංස්ථාව දැනට නියම කර ඇති මිල ගණන් අනුව සුළු පාඩුවක් සිදුවුවද, පෙට්‍රල් මිල වැඩි කිරීමට අදහස් නොකරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කර සිටියේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල ඉහළ දැමුවේ ලීටරයක් රුපියල් 49 කින්. ඒ අනුව එම සමාගමට අයත් පිරවුම්හල් මගින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332 ක් දක්වාත් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?