පෙට්ට්‍රල් මිල ගැන ඇමති ගත් තීරණය

ලංකා IOC සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ප්‍රමාණවත් පෙට්‍රල් තොග රටපුරා පවතින බවත් එබැවින් අනිසි කලබලයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට පමණක් පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඛණිජතෙල් නීතිගත සංස්ථාව දැනට නියම කර ඇති මිල ගණන් අනුව සුළු පාඩුවක් සිදුවුවද, පෙට්‍රල් මිල වැඩි කිරීමට අදහස් නොකරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කර සිටියේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල ඉහළ දැමුවේ ලීටරයක් රුපියල් 49 කින්. ඒ අනුව එම සමාගමට අයත් පිරවුම්හල් මගින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332 ක් දක්වාත් ඉහළ ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14