AFC Banner
Empty Ad
Empty Ad

විවාහයට බෑ කියූ නිසා මරා දැමූ පූජාට යුක්තිය ඉල්ලා සමාජ මාධ්‍ය රැල්ලක්

මුස්ලිම් තරැණයෙකු කළ විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙඩි තබා මරා දමන ලද පකිස්තානයේ සුලුතර හින්දු යුවතියගේ ඝාතනයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතා රැල්ලක් හටගෙන ඇති බව වාර්තා වේ.

ද ට්‍රිබියුන් වාර්තාවකට අනුව , සුකූර් හි 18 හැවිරිදි සුලුතර හින්දු යුවතියක වන පූජා කුමාරි පසුගියදා සිය නිවසේ සිටිය දී වෙඩි තබා මරා දමා තිබිණ.

ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ මුස්ලිම් තරැණයෙකු , ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණව තවත් මිතුරන් පිරිසක් සමග පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

පොලිසිය විසින් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට නිසි දඩුවම් පමුණුවන ලෙසත් මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබේ.

පකිස්තානයේ හින්දු, සීක් වැනි සුලුතර ප්‍රජාවේ තරැණියන් බලහත්කාරී විවාහ සදහා යොදාගැනීම බරපතල ගැටලුවක් වී ඇති අතර එය වැළැක්වීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාව දැඩිව අවධාරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?