විවාහයට බෑ කියූ නිසා මරා දැමූ පූජාට යුක්තිය ඉල්ලා සමාජ මාධ්‍ය රැල්ලක්

මුස්ලිම් තරැණයෙකු කළ විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙඩි තබා මරා දමන ලද පකිස්තානයේ සුලුතර හින්දු යුවතියගේ ඝාතනයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතා රැල්ලක් හටගෙන ඇති බව වාර්තා වේ.

ද ට්‍රිබියුන් වාර්තාවකට අනුව , සුකූර් හි 18 හැවිරිදි සුලුතර හින්දු යුවතියක වන පූජා කුමාරි පසුගියදා සිය නිවසේ සිටිය දී වෙඩි තබා මරා දමා තිබිණ.

ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ මුස්ලිම් තරැණයෙකු , ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා උරණව තවත් මිතුරන් පිරිසක් සමග පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

පොලිසිය විසින් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට නිසි දඩුවම් පමුණුවන ලෙසත් මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබේ.

පකිස්තානයේ හින්දු, සීක් වැනි සුලුතර ප්‍රජාවේ තරැණියන් බලහත්කාරී විවාහ සදහා යොදාගැනීම බරපතල ගැටලුවක් වී ඇති අතර එය වැළැක්වීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාව දැඩිව අවධාරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01