කලා ලෝකයේ සොදුරු හිතවතා දයාන් විතාරණට කරදරයක්

කලාලෝකයේ ඉන්න සොදුරු හිතවතෙක් තමයි දයාන් විතාරණ කියන්නේ.ඔහු හැම කලාශිල්පියකුගේම උපන්දිනයට සුබ පතන්න අමතක කරන්නේ නැති තරම්.නමුත් ඔහුට පහුගිය දිනයක පුංචි කරදරයක් වෙලා.මේ තියෙනේ ඔහු ඒ ගැන සදහන් කරල මුහුනුපොතේ පල කල සටහන…

කණගාටුවෙන් දැනුම් දෙමි !

මගේ මුහුණුපොත ගිණුමේ සහ රසික පිටුවේ ලක්ෂයකටත් අධික රසික පිරිසක් එකතු වී සිටින නිසාවෙන් ඉකුත් මාර්තු 15 වන දින සිට මගේ මුහුණුපොත සඳහා විශේෂ අතිරේක ආරක්ෂාවක් ලබාදෙන බව මුහුණුපොත ඔස්සේ මට දැනුම් දී තිබූ අතර දිනකට තබන සටහන් ප්‍රමාණය අධික වීමත්, එනිසා උඩුගත කිරීම් සීමිත නොවීමත් මෙන්ම අධික පිරිසක් මෙහිලා මා සමග සම්බන්ධ වන නිසාත් මෙම ආරක්ෂාව මුහුණුපොත ඔස්සේ මට සපයා ඇත.

එම ආරක්ෂාව සැපයීම ආරම්භ කළ ඉකුත් දින කිහිපයේ මුහුණුපොතට මා ප්‍රවේශ වූ වාර ගණන අධික වීම නිසාම දින කිහිපයකට මගේ මුහුණුපොතේ කටයුතු මුහුණුපොත විසින්ම සීමා කර ඇති බව මහත් කණගාටුවෙන් වුවද දැන්වීමට සිදුවේ.

මා මුහුණු පොතට උපන් දින සුබ පැතුම් එක් කළේ මගේ ජංගම දුරකථනයෙන් වන අතර දැන් මා හට ඊට අවකාශ නොමැති අතර සීමිත සටහන් කිහිපයක් පමණක් පරිඝණකය ඔස්සේ එකතු කිරීමට අවකාශ ඇත .

2014 වසරේ ජුලි මස 02 වැනිදා සිට මා අඛණ්ඩව සත් වසරකටත් අධික කාලයක් මුළුල්ලේ මගේ හිතවතුන් වෙනුවෙන් ගෙනා උපන්දින සුබ පැතුම් දින කිහිපයකට පළ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ මෙම ආරක්ෂක පද්ධතිය සහ ප්‍රවේශයට මතුව ඇති තාක්ෂණික ගැටලු යථා තත්ත්වයටා පත්වන තුරු පමණි.

එනිසා කණගාටුවෙන් වුවත් දින කිහිපයක් ගෙවෙන තුරු මා හට සුපුරුදු උපන්දින සුපැතුම් ඔබ වෙත ගෙන ඒමට සිදු නොවීම මට ද විශාල දුකකි. එනිසාම මෙම තත්ත්වය ඉක්මණින් නිරාකරණය කර ගැනීමට හැකිවේවායි මා ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

image 15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53