AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් බෙදා හැරීම යථා තත්වයට

නවතා දමා තිබු ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු අද උදෑසන සිට යළි ආරම්භ කිරිමට නියමිත බව ලිට්‍රෝ සමාගම පැවසීය.සමාගම සදහන් කළේ ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් අඩංගු නෞකාවෙන් ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කළ බවය.

ඒ අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා අලෙවි සැල් වෙත ගෑස් තොග බෙදාහැරීම අද උදෑසන සිට සිදුකිරිමට නියමිතය.

ගෑස් නෞකා සඳහා මුදල් ගෙවීමේ ගැටළුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩර බෙදාහැරීම වාණිජ කටයුතු සඳහා පමණක් සිදුකිරීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් මෙම ගෑස් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින දෙකහමාරක පමණ කාලයකට පමණක් බවටද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මීට අමතර පවතින අනිත් හිඟය වන පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සදහා ඊයේ රාත්‍රීය වන විටත් ඉන්ධන පිරවුම් හල් වල විශාල පෝලිම් පැවතිණි.ඇතැම් පිරවුම් හල් ඉන්ධන නොමැති වීම හේතුවෙන් වසා දමා තිබෙනුද දක්නට ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?