සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පස් දෙනෙකුට වෙඩි තබයි

පකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ මනෙෂ්රා හි දී සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පස් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම කාන්තාවන් රැදී සිටි නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

එහිදී තුවාල ලැබූ මෙම සංක්‍රාන්ත ලිංගික කාන්තාවන් පස්දෙනා රෝහල් ගත කර ඇති බව සදහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම අපරාධයට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගන්නා ලෙස පකිස්තානයේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව එරට රජය වෙත අවධාරණය කර තිබෙනවා.

පකිස්තානය තුළ සංක්‍රාන්ති ලිංගිකයන්ට හිමි අයිතිවාසිකම් සදහා නෛතික පිළිගැනීමක් ලබා දී තිබුණත් ඔවුන්ට එරෙහිම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?