සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පස් දෙනෙකුට වෙඩි තබයි

පකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ මනෙෂ්රා හි දී සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පස් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම කාන්තාවන් රැදී සිටි නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

එහිදී තුවාල ලැබූ මෙම සංක්‍රාන්ත ලිංගික කාන්තාවන් පස්දෙනා රෝහල් ගත කර ඇති බව සදහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම අපරාධයට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගන්නා ලෙස පකිස්තානයේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව එරට රජය වෙත අවධාරණය කර තිබෙනවා.

පකිස්තානය තුළ සංක්‍රාන්ති ලිංගිකයන්ට හිමි අයිතිවාසිකම් සදහා නෛතික පිළිගැනීමක් ලබා දී තිබුණත් ඔවුන්ට එරෙහිම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එරට වාර්තා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01