මුදල් ඇමති භාරතයේ විදෙස් ඇමති හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවි සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඊයේ (16) පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා වේ.දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ වර්ධන් ශිංග්ලා මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවු බව ඉන්දීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40