AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ඉල්ලා පාරිභෝගිකයින් හෝමාගම පාර වසයි

විරෝධතාවයක් හේතුවෙන් හෝමාගම නගරයේ රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වනවා.

හෝමාගම නගරයේ ගෑස් නියෝජිත ආයතනයක් ඉදිරිපිට අද උදෑසන ගෑස් ලබාගැනීමට විශාල පිරිසක් එකතුවී සිට ඇති අතර, ඔවුන්ට ගෑස් නිකුත් නොකරන බව පැවසීමත් සමග එම විරෝධය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් 200 – 300ක් වැනි ප්‍රමාණයක් හෝමාගම නගර මධ්‍යයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධයේ නියැලුණ බව සඳහන්.

පසුව පොලීසිය පැමිණ ගෑස් ඇත්නම් කෙසේ හෝ ලබාදීමට කටයුතු කරන බව ට වු පොරොන්දුව හේතුවෙන් විරෝධතාකරුවන් විසිර ගොස් ඇත..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?