AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නිකුත් කිරීම නතර කරයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී තිබුණා. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?