ගෑස් නිකුත් කිරීම නතර කරයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට අවසන් වී තිබුණා. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24