AFC Banner
Empty Ad
Empty Ad

තලේබානුවෝ සංගීත ශීල්පීන්ගේ වාදන භාණ්ඩ බෙල්ලේ එල්ලා මහ පාරේ ඇවිද්දවති

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ කුන්නාර් පළාතේ දී ප්‍රාදේශීය සංගීත ශිල්පීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන් විසින් පනවා ඇති තහනම නොතකා විවාහ මංගල උත්සවයකදී සංගීතය සැපයීමේ වරදට‍යි.

අත්අඩංගුවට ගත් සංගීත ශීල්පීන් දෙදෙනාට පහර දී වාදන භාණ්ඩ බෙල්ලේ එල්ලා මාර්ගයේ ඇවිද්දවමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නට තලේබාන්වරැන් කටයුතු කර ඇති බව ද සදහන්.

මෙම සිද්ධිය දැක්වෙන ඡායාරෑප සමාජ ජාලා ඔස්සේ හුවමාරැ වූ අතර ඊට අනුව මෙම සංගීත ශිල්පීන් දෙදෙනාව තලේබාන්වරැන් ‍විසින් දැඩි ලෙස හිංසනයට සහ අපහසුතාව පත් කරනවා.

මීට පෙර ද ඇෆ්ගනිස්තානයේ පකීටා පළාතේ දී සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් තලේබානුවන් මහජනයා ඉදිරියේ ඔහුගේ සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කළේ තහනම නොතකා උත්සව අවස්ථාවලදී ඒවා වාදනය කිරීමේ වරදටයි.

පසුගිය අගෝස්තු 15 වනදා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණීමෙන් පසු සියලුම ආකාරයේ සංගීත ක්‍රියාකාරකම් මුලුමනින්ම තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?