AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු මාරයා රැගෙන ගිය සිසුවා ශිෂ්‍යත්වය සමත්

ශිෂ්‍යත්ව විභාගය ලිවීමෙන් අනතුරුව ඩෙංගු උණ රෝගයෙන් ජිවිතක්ෂයට පත්වු යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු එම විභාගයෙන් සමත්ව ඇතිබව වාර්තා වනවා.

වි. අජන් නම් එම දරුවාට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ලකුණු 155ක් ලැබී ඇති බව යාපනය ප්‍රදේශවාසින් පැවසුවේ.

අජන් දරුවා යාපනය මීසාලෙයි වීරසිංහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා. නමුත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමෙන් අනතුරුව පෙබරවාරී 13 වැනිදා ඩෙංගු උණ වැළඳී එම දරුවා ජිවිතක්ෂයට පත්විය.

දරුවා මුහුණදුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර අතර එහිදී දරුවාට එහිදි ලකුණු 155 ක් ලැබී තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 147ක් වන අතර, දරුවාගේ ප්‍රතිඵල අනුව ලද ජයග්‍රාහණය සැමරීමට දරුවා නොමැතිවීම හේතුවෙන් දෙමාපියන් හා අසල්වාසීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?