ඩෙංගු මාරයා රැගෙන ගිය සිසුවා ශිෂ්‍යත්වය සමත්

ශිෂ්‍යත්ව විභාගය ලිවීමෙන් අනතුරුව ඩෙංගු උණ රෝගයෙන් ජිවිතක්ෂයට පත්වු යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු එම විභාගයෙන් සමත්ව ඇතිබව වාර්තා වනවා.

වි. අජන් නම් එම දරුවාට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ලකුණු 155ක් ලැබී ඇති බව යාපනය ප්‍රදේශවාසින් පැවසුවේ.

අජන් දරුවා යාපනය මීසාලෙයි වීරසිංහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා. නමුත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමෙන් අනතුරුව පෙබරවාරී 13 වැනිදා ඩෙංගු උණ වැළඳී එම දරුවා ජිවිතක්ෂයට පත්විය.

දරුවා මුහුණදුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර අතර එහිදී දරුවාට එහිදි ලකුණු 155 ක් ලැබී තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 147ක් වන අතර, දරුවාගේ ප්‍රතිඵල අනුව ලද ජයග්‍රාහණය සැමරීමට දරුවා නොමැතිවීම හේතුවෙන් දෙමාපියන් හා අසල්වාසීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44